Latestවිදේශීය

ට්‍රම්ප්ගේ තර්ජනයට හැරෙන තැපෑලෙන් පුටින් අභියෝග කරයි

යුක්‍රේනයේ ගිනිකොන දෙසින් පිහිටි බන්ධනාගාරයකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අදාළ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තවත් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට සාමය ඇති කිරීම සඳහා දී තිබූ කාලය සීමා කරන බවට ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ රුසියානු ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවත් රුසියාව විසින් මෙම ප්‍රහාරය හිතා මතා සිදුකළ බවය.

එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේන අධිකරණ අමාත්‍යාංශය ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ අධි පුපුරන සුලු ගුවන් බෝම්බ හතරක් බන්ධනාගාරයට එල්ල වූ බවත් ප්‍රහාරයෙන් 42 දෙදෙනෙකු තුවාල ලැබූ බවත්ය. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *