Latestදේශීය

තිස්ස කුට්ටිආරච්චි කොන්දේසි විරහිතව අනුරගෙන් සමාව ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශය කරුණු තහවුරු කිරීමකින් තොරව සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණයේ දී පිළිගෙන තිබේ.

අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට හානියක් සිදුව ඇත්නම් තමන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බවද තිස්ස කුට්ටිආරච්චි අධිකරණයට දැනුම් දී ඇත.

ඒ, තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

අදාළ නඩු නිමිත්ත තවදුරටත් පවත්වාගෙන නොයන බවට දෙපාර්ශ්වයම අධිකරණයට දැනුම් දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *