Latestදේශීය

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අදාළ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මැදියම් රැයේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීට තීරණය කර තිබුණි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව ලොකෝමෝටිව් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපතිවරයා පැවසීය.

අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක්ද එක්ව සිටිහය. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *