Latestදේශීය

දුමින්ද නිදහස්

වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකින් රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළ නඩුවේදී, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සෘජු හා පර්යේෂණ සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් අද ( ජූලි 29) නියෝග කර ඇත.

දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හැව්ලොක් සිටි සුපිරි වෙළඳ සංකීර්ණයේදී සොයාගත් රන් ආලේපිත T 56 ගිනි අවියක හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයක් හේතුවෙනි.

2025 ජූලි 14 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ රුපියල් 250,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපයක් මත හිටපු අමාත්‍යවරයා මුදා හරින ලෙසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *