Latestවිදේශීය

සුනාමියෙන් රුසියාවේ ජීවිත හානි නැහැ

රුසියාවට බලපෑ රික්ටර් මාපකයේ 8.8ක දැවැන්ත භූමිකම්පාවෙන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිවැරදි වේලාවට ක්‍රියාත්මක වූ බැවින් පුද්ගලයින් ඉවත් කිරීමට හැකි වීම හේතුවෙන් හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබුණු බවය.

ඒ අනුව මේ වන විට භූමිකම්පාව සිදු වූ කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි තර්ජන අනතුරු ඇඟවීම අවලංගු කර තිබේ.

අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා ඇති සෙවෙරෝ-කුරිල්ස්කි දිස්ත්‍රික්කය ද සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කළ බව සඳහන් වේ.

මේ අතර, රුසියාවේ සකාලින් කලාපයේ ආණ්ඩුකාර වැලරි ලිමරෙන්කෝ නිවේදනය කළේ, රුසියාවේ පෙරදිග අර්ධද්වීපයට දකුණින් පිහිටි ගිනිකඳු දූපත් සමූහයක් වන උතුරු කුරිල් දූපත්වලට ද තවදුරටත් සුනාමි තර්ජනයක් නොමැති බවය.

එමෙන්ම මේ වන විට තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බවත් අවදානම පහව ගියද සියලුම හදිසි සේවාවන්  තවදුරටත් සූදානමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *