Latestදේශීය

තිස්සමහරාමයේ හිටපු OIC ඇතුළු 3කට වන්දි ගෙවන්න නියෝග

රුපි­යල් මිලි­යන තුනක් වටිනා වාල­ම්පු­රි­යක් සොර­කම් කිරීම සම්බ­න්ධ­යෙන් 2012 වස­රේදී විශේෂ කාර්ය බළ­කායේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු  නීති­වි­රෝධී ලෙස අත්අ­ඩං­ගු­වට ගෙන දින තුනක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොකර රඳවා තබා ගැනීම මඟින් තිස්ස­ම­හා­රාම පොලී­සියේ නිල­ධා­රීන් පිරි­සක් විසින් ඔහුගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීර­ණය කළේය. ඒ වෙනු­වෙන් 250,000 බැගින් රුපි­යල් 750,000ක වන්දි මුද­ලක් සිය පෞද්ග­ලික මුද­ලින් ඔහුට ගෙවන ලෙස එව­කට තිස්ස­ම­හා­රාම පොලී­සියේ සිටි ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට සහ උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට නියම කෙරිණි.

එම අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරීම වෙනු­වෙන් රුපි­යල් 50,000ක වන්දි මුද­ලක් ගෙවන ලෙස රජ­යට නියම කෙරිණි.

තමන් අනී­තික ලෙස අත්අ­ඩං­ගු­වට ගෙන රඳවා තබා ගැනී­මට එරෙ­හිව එම විශේෂ කාර්ය බළ­කායේ පොලිස් කොස්තා­ප­ල්ව­රයා විසින් ඉදි­රි­පත් කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් විභා­ග­යට ගෙන එහි අව­සන් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මේ නියෝ­ගය කළේය.

අදාළ නඩු තීන්දුව කුමු­දුනී වික්‍ර­ම­සිංහ මහ­ත්මිය විසින් ප්‍රකා­ශ­යට පත් කරන ලදි.

තංගල්ල විශේෂ කාර්ය බළකා කඳ­වුරේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු ලෙස සේවය කළ මේරි රුවන් කුමාර විසින් මෙම පෙත්සම ඉදි­රි­පත් කර තිබිණි.

එවක තිස්ස­ම­හා­රාම පොලී­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ප්‍රසාන් ප්‍රනාන්දු, උප­පො­ලිස් පරී­ක්ෂක ඩී.එන්. බැසිල් නෙවිල් ද සිල්වා, එම පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ලිය­න­ග­මගේ ප්‍රේම­සිරි ඇතුළු පිරි­සක් මේ පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ ලෙස නම් කර සිටි­යහ.

පෙත්ස­ම්කරු සේවය කර­මින් සිටි තංගල්ල විශේෂ කාර්ය බළකා කඳ­වු­රට පැමිණි තිස්ස­ම­හා­රාම පොලිස් නිල­ධා­රීන් පිරි­සක් විසින් කළ දැනුම් දීම­කට අනුව පෙත්ස­ම්කරු සහ තවත් අයකු 2012 අප්‍රේල් 27 වැනිදා එම පොලී­සි­යට භාර දීමට එම කඳ­වුරේ නිල­ධා­රීන් කට­යුතු කළ බව අදාළ නඩු තීන්දුවේ සඳ­හන් වේ.

අන­තු­රුව තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය කට­යුතු කළ බව ද පෙත්ස­ම්කරු විසින් පෙන්වා දී ඇත.

අන­තු­රුව පෙත්ස­ම්කරු නිරු­වත් කර දණ ගසා­ගෙන සිටී­මට වග­උ­ත්ත­ර­ක­රු­වන් නියෝග කළ අතර ඔහුට කෑම හෝ ජලය ලබා නොදුන් බව ද පෙත්ස­මෙහි සඳ­හන් වූ බව නඩු තීන්දු­වෙහි දැක්වේ.

දින තුනක් තිස්ස­ම­හා­රාම පොලී­සියේ රඳ­වා­ගෙන සිටි පෙත්ස­ම්කරු මැයි මස පළමු වැනිදා මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කර ඇතැයි ද අනා­ව­ර­ණය වී තිබේ.

පැය 24ක් තුළ අධි­ක­ර­ණ­ය­කට ඉදි­රි­පත් නොකර රඳවා තබා ගැනීම තුළින් පෙත්ස­ම්ක­රුගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බවට පෙත්සම් විභා­ග­යේදී කරුණු ඉදි­රි­පත් වූ බවට නඩු තීන්දුවේ සඳ­හන් වෙයි.

වග­උ­ත්ත­ර­ක­රු­වන්ට එරෙ­හිව එම කරුණ අධි­ක­ර­ණය හමුවේ ඔප්පු කිරී­මට පෙත්ස­ම්කරු සමත් වී ඇති බවට විනි­සුරු මඬුල්ල තීර­ණය කර ඇත.

ඒ අනුව අදාළ සිද්ධි­යේදී පොලිස් නිල­ධා­රීන් කට­යුතු කළ ආකා­රය ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 13(1) සහ 13 (2) ව්‍යව­ස්ථාව මඟින් සහ­තික කර ඇති මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරී­මට වග­උ­ත්ත­ර­ක­රු­වන් කට­යුතු කර ඇති බවට විනි­සුරු මඬුල්ල තීර­ණය කර තිබේ.

ඒ අනුව ඒ වෙනු­වෙන් රුපි­යල් දෙලක්ෂ පන­ස්දා­හක් බැගින් පෙත්ස­ම්කරු වෙත සිය පෞද්ග­ලික මුද­ලින් වන්දි ගෙවන ලෙස එව­කට තිස්ස­ම­හා­රාම පොලී­සියේ සේවය කළ ස්ථානා­ධි­පති ප්‍රසාන් ප්‍රනාන්දු, උප­පො­ලිස් පරී­ක්ෂක ඩී.එන්. බැසිල් නෙවිල් ද සිල්වා, අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලියන ගමගේ ප්‍රේම­සිරි යන අයට නියම කෙරිණි.

යම් කරු­ණක් සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යකු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඔහුගේ පුද්ග­ලික නිද­හසේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මට රජය බැඳී සිටින අතර මෙම සිද්ධි­යේදී එම වග­කීම පැහැ­ර­හැර ඇති බවට ද විනි­සුරු මඬුල්ල තීර­ණය කර තිබේ.

ඒ අනුව ඒ වෙනු­වෙන් රුපි­යල් 50,000ක වන්දි මුද­ලක් පෙත්ස­ම්කරු වෙත ගෙවන ලෙස රජ­යට නියම කෙරිණි.

ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි අතර රජයේ නීතිඥ ඉඳුනි පුංචි­හේවා මහ­ත්මිය නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යාය.

නීතිඥ හෆීල් පාරිස් මහතා වග­උ­ත්ත­ර­කාර පොලිස් නිල­ධා­රීන් වෙනු­වෙන් පෙනී සිටි­යේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *