පියුමිගෙන්, තාඹුගලගෙන් කෝටි 42ක පොල්ලක්
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 420කට ආසන්න බදු මුදලක් පියුමි හංසමාලි සහ විරාජ් තාඹුගලට අයත් සමාගම්වලින් ගෙවීම පැහැර හැර ඇති බව හෙළි වී තිබේ.
කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් ඊයේ (ජූලි 31) වැඩ දුර කරුණු හෙළි කර ඇත. පියුමි හංසමාලිට අයත් “ලෝලියා ස්කින් කෙයාර්” නම් සමාගමෙන් රුපියල් මිලියන 225ක බදු මුදලක් සහ තාඹුගලට අයත් “අවුරා” සමාගමෙන් රුපියල් මිලියන 194කට අධික බදු මුදල් ගෙවීම පැහැර හැර තිබේ.
මෙම බදු මුදල්, දඩ මෙන් ම පොලිය අය කර ගැනීම සඳහා මහාධිකරණය ඉදිරියේ නඩු පවරන බව දේශීය ආදායම් බදු කොමසාරිස් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ හෙළි කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

