Latestදේශීය

අධිවේගයේ පිටුපස අසුනේ බඳපටිය අද සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන්ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසළදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.

ඒ අනුව දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා මෙම නීතිය බලපැවැත්වෙන බවයි එම එම අමාත්‍යංශය සඳහන් කරයි.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, මෙම නියමයට අනුකූල නොවන රියැදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පොලිසිය සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *