Latestවිදේශීය

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් – කැනඩාව

පලස්තීන රජය මැතිවරණ පැවැත්වීම ඇතුළු යම් යම් වෙනස්කම් සිදු කිරීමට කැපවුවහොත්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව කැනඩාව ප්‍රකාශ කර තිබේ.

පලස්තීන නායක මහමුද් අබ්බාස් සමඟ කළ සාකච්ඡාවකදී එවැනි වෙනස්කම් සිදු කරන බවට තමාට සහතිකයක් ලැබී ඇති බවත්, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීනය විධිමත් ලෙස පිළිගැනීමට සැලසුම් කර ඇති බවත් අගමැති මාර්ක් කාර්නි පැවසීය.

එමෙන්ම පසුගියදා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ද කියා සිටියේ ඊශ්‍රායලය සටන් විරාමයකට නොයන්නේනම් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බවයි.

මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රටවල් 193 න් 150 කට ආසන්න සංඛ්‍යාවක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *