Latestදේශීය

මහජන විශ්වාසය තහවුරු වන ලෙස අධිකරණ කටයුතු ඉහළ නංවනවා – අගවිනිසුරු

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයෙන් අධිකරණ ක්‍රියාදාමය නඟාසිටුවීමට ක්‍රියාමාර්ග ගන්නා බව නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවැසීය.

අධිකරණ හමුවේ ගොනු කර ඇති හා ඉදිරියේදී ගොනු කෙරෙන සියලු නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය මගින් ඵලදායී මහජන සේවාවක් ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කඩිනමින් සිදුකරන බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.

නව අගවිනිසුරු පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය ඊයේ (31දා) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැති අවස්ථාවේදී ප්‍රීති පද්මන් සූරසේන මහතා එලෙස පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ නියෝජනය කළ විනිසුරුවරුන් මෙන්ම මහෙස්ත්‍රාත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම චාරිත්‍රානුකූල නිල උත්සවය පැවැත්විණි. නීතිපති පාරින්ද රණසිංහ හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය යන මහත්වරු ද ඒ මහතාගේ කටයුතු පැසසුමට ලක්කරමින් අදහස් දැක්වූහ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *