Latestදේශීය

BYD ආනයනයේ මහාපරිමාන වංචාවක් කරළියට

BYD සමාගමේ විදුලි මෝටර් රථ ආනයනයේදී මෝටර් ධාරිතාව අඩුවෙන් දක්වා රජයට අහිමි වූ බදු මුදල් නැවත අයකර ගන්නා ලෙස වාහන ආනයනකරුවන් රජයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, රේගු අත්අඩංගුවේ පවතින ප්‍රශ්නගත වාහන තොගය නිදහස් කිරීමට අදාළ සත්‍ය මෝටර් ධාරිතාවට අදාළ බදු මුදල් අය කළ යුතු බවට ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම, දැනටමත් කිලෝ වොට් 100ක අගය පෙන්වා රේගු බදු ගෙවා නිදහස් කර ඇති වාහන සඳහා ද නියමිත බදු මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ව්‍යාපාරිකයන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

එක් සමාගමකට එක් බදු අගයක් ද, තවත් සමාගමකට ඊට වඩා වැඩි බදු අගයක් ද අය කිරීම තුළින් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බවට ද ඔවුහු චෝදනා කරති.

මෝටර අගය අඩු කර පෙන්වීම හරහා එක් මෝටර රථයකින් රජයට ලක්‍ෂ 30-40කට ආසන්න බදු මුදලක් අහිමි වන්නේ යයිද ඔවුන් පෙන්වා දෙති.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *