Latestදේශීය

හදවතින්ම සතුටුයි – හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් වූ ඇමරිකාව තීරු බදු අඩු කිරීම ගැන තමා හදවතින්ම සතුටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, මෙමගින් අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම මේ සඳහා කැපවී කටයුතු කළ සියල්ලන්ටම ස්තූතිවන්තවන බවයි ඔහු කියා සිටියේය.

”ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20%ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි”යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *