Latestවිදේශීය

ගෝලීය බල දේශපාලනය හමුවේ ස්විට්සර්ලන්ත චීන සුසංයෝගය

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ නිල සංචාරයකට එක්වෙමින් එරට ෆෙඩරල් සභාවේ ජාතික කවුන්සිලයේ සභාපතිනී Maja Riniker සහ එහි රාජ්‍ය කවුන්සිලයේ සභාපති Andrea Caroni හමුවූ අවස්ථාවේ දීය. Zhao Leji ඉකුත් 28 වැනිදා සිට 31වැනිදා දක්වා එරට නිල සංචාරයක නිරතව සිටී.

චීනය හා ස්විට්සර්ලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගතවූ වසර 75ක් තුළ, සමානාත්මතාවය, නිර්මාණශීලීත්වය හා පොදු-ජයග්‍රාහී බවින් යුත් සහයෝගිතා ජීවගුණය දෙරට එක්ව ගොඩනඟා ඇති බව Zhao Leji එහිදී පැවසීය. ස්විට්සර්ලන්තය සමග එක්ව දෙරට රාජ්‍ය නායකයන්ගේ එකඟතාවන් අනුගමනය කරමින් චීන-ස්විට්සර්ලන්ත නිර්මාණශීලී උපායමාර්ගික හවුල්කාරීත්වයේ ඉහළ මට්ටමේ වර්ධනය තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් පසු වෙයි. ස්විට්සර්ලන්තය සමග අදහස් හුවමාරු හා සම්බන්ධතා පැවැත්වීම පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය.

Maja Riniker එහිදී කියා සිටියේ චීන ජාතික මහජන කොංග්‍රසය සමග එක්ව සහයෝගිතා වැඩිදියුණු කරමින් දෙරට නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීමටත් දෙරට තිරසර සංවර්ධනය තහවුරු කිරීමටත් ප්‍රශස්ත කාර්යභාරයන් ඉටු කිරීමට ජාතික කවුන්සිලය කැමති බවයි.

චීනය සමග සහයෝගිතා පැවැත්වීම උපායමාර්ගික වශයෙන් තම රටට ඉතා වැදගත් බව පැවසූ Andrea Caroni, චීනය සමග සන්නිවේදන ශක්තිමත් කරමින් පොදු සංවර්ධනය තහවුරු කිරීමට රාජ්‍ය කවුන්සිලය සූදානම් බව පැවසීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *