Latestවිදේශීය

පුපුරාගිය ඉන්දුනීසියාවේ ගිනිකන්ද

ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ.

නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය වී ඇත. 

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර සිටියේ, එරට වේලාවෙන් ඊයේ (1) රාත්‍රී 8:48ට පමණ ගිනිකන්ද පුපුරා ගිය බවය.

ඉන්දුනීසියානු ගිනිකඳු ඒජන්සියට අනුව සක්‍රිය වූ ගිනි කන්දේ අළු දුමාරය කිලෝමීටර 10ක උසක් පුරා අහසේ විසිරී ඇත.

මේ අතර මෙම කාලයේ අධික වර්ෂාවක් ඇති වුවහොත් ගිනි කන්දෙන් පිටවූ ලවා නායයෑමකට ලක්විය ඇතිවිය බැවින්, ගිනි කන්දේ ආවාටයෙන් කිලෝමීටර් 6-7ක ප්‍රදේශයක සිටින ජනතාවට අවධානයේ සිටින ලෙසට උපදෙස් ලැබී තිබේ.

මෙම ගිනි කන්දේ පිපිරීම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අතර, ඉකුත් ජූලි මාසයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් බාලි දූපත වෙත ගමන්ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට සිදුවිය.

විශාල දූපත් සමූහයකින් සමන්විත ඉන්දුනීසියාව, පැසිෆික් ‘ගිනි වළල්ල’ මත පිහිටා තිබීම හේතුවෙන් ඔවුන්ට නිතර භූකම්පන සහ ගිනිකඳු පිපිරීම්වලට මුහුණදීමට සිදුව තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *