වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සදහා වාර්ෂිකව අධික දඩ මුදලක් අයකෙරේ
මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ දිවයින පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.
“පසුගිය වසර 10ක් හෝ 15ක් තුළ විශාල වශයෙන් වෙරළ කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදුකරලා තියෙනවා. අපි සමහර ඒවා කඩා දමනවා. ඇතැම් ඒවාට වාර්ෂිකව ඉතා වැඩි දඩයකට යටත් කරනවා. මේ අවිධිමත්භාවය විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

