Latestදේශීය

ඝාතන සහ අපරාධ රැල්ල මර්දනයට STF කණ්ඩායම් 15ක්

රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 15ක්දිවයින පුරා අඛණ්ඩ විමර්ශන කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පවසයි.

ජනතාවට ගුණාත්මක හා විශ්වාසනීය පොලිස් සේවාවක් ලබාදීමට මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ව්‍යුහාත්මක සුවිසල් වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

පාතාල ක්‍රියාකාරකම් හෝ වෙඩි තබා ගැනීම්වලින් හෝ වේවා සිදුවන මිනිස් ජීවිත හානි පිළිබඳව රජයක් ලෙස තමන්ට කිසිසේත් ඒවා නොසලකා හැර සිටිය නොහැකි බැවින් ඒවා මර්දනයට මේ පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම වයඹ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශය කුරුණෑගල වැහැර පිහිටි පොලිස් අභ්‍යාස සංකීර්ණදී ආරම්භ කෙරිණි.

පොලිස් ස්ථානවලින් තම පැමිණිලි සම්බන්ධයෙන් කරුනු ඉටු කර ගැනීමට නොලැබුණහොත් ඒ අයට අලුතින් පිහිටුවන පලාත්බද අපරාධ කොට්ඨාශවලටගොස් තමාගේම පැමිණිලි භාර දීමට හැකියාව හිමිවේ . එමෙන්ම යම් පොලිස් කොට්ඨාසයක තිබෙන අපරාධ පිළිබඳ පැමිණිලි අදාළ පොලිස් ස්ථානවලින් නිසියාකාරව විභාග නොවන අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත් මේ පලාත් බද කොට්ඨාස තුල ඉඩකඩක් හිමිවේ.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන බවට මේ රජය ආරම්භ කිරීමෙදීම ප්‍රකාශ කර තිබිණි. අප විසින් දීර්ඝ කාලයක් මේ රටට සහ සමාජයට දුන් එක පොරොන්දුවක් වන්නේ මේ රටට හැදීමට නම් නීතියේ ආධිපත්‍යය සැදිම අවශ්‍යය යන්නයි. මේ සඳහා ප්‍රමුඛම ආයතනය බවට පත්වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවයි. ඒ නිසා මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුල ඊට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා විසින් එහිදී අවධාරණය කරන ලදි.

මේ රටේ අපරාධ පාලනයේදී ත්, සංවිධානාත්මක අපරාධ පිළිබඳවත් පැන නැගි ඇති ප්‍රශ්න රාශියක් වන බවත් මේ ගැටලු සියල්ල විසඳා මේ රටේ ජනයාට නීතිය ආධිපත්‍ය නීතිය රැකවරණය මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ එහිදී විශේෂයෙන්මෙම පළාත් බද අපරාධ විමර්ශන කොට්ඨාස ඉමහත් පිටු වහලක් වනු ඇති බවයි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *