රෝහිත බෝගොල්ලාගමට නඩු
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් දින නියම කර තිබේ.
විත්තිකරු මේ වනවිට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී ඇති බැවින් ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිට ඇති අතර එය සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට විරුද්ධව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙන්නේ, 2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී, හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපති පෙළඹවීම තුළින් අල්ලස් පනතේ `දූෂණය’ නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමිනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

