Latestදේශීය

ලංකාවට අයිස් බෙදන චීනා කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කල ප්‍රධාන පෙළේ ජාවරම්කරුවෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට සිටින චීන ජාතිකයන්ට සහ රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කල බව පැවසේ . බම්බලපිටියේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙමසැකකරු දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකි .

කොළඹ දකණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ෂනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ .

සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේද , ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ද පොලිසියට හසු වී තිබේ .

මාලදිවයින් ජාතිකයෙකුගෙන් හා ලාංකිකයෙකුගෙන් තමා මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත්, ඒවා රාත්‍රී සමාජශාලාවලට හා කැසිනෝ ශාලාවලට පැමිණෙන චීන ජාතිකයන්ට අලෙවිකරන බවත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

2019 වසරේ දී මෙරටට පැමිණ ඇති මෙම චීන ජාතිකයා මේ දක්වා මෙරට තුළ රැඳී සිට ඇත්තේ ද නීතිවිරෝධීවය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියමිතය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *