Latestදේශීය

අසීමිත වරප්‍රසාද කප්පාදුවට එරෙහි සන්ධානය වැඩ අරඹයි

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබා දී තිබෙන අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව අශුද්ධ සන්ධානයක් ගොඩනැගෙමින් තිබෙන බව තහවුරු වී තිබේ.

සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, නන්දන ගුණතිලක සහ ප්‍රේමසිරි මානගේ මෙම අශුද්ධ සන්ධානයේ මූලිකයන් වී සිටිති. මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය ඉදිරියට යාම සම්බන්ධයෙන් මේ සියලුම පිරිස් එකම අරමුණකින් සාකච්ඡා පවත්වමින් සිටින බව මේ වනවිට ලැබෙන වාර්තාවලින් තහවුරු වී ඇත.

එළිපිට කිසිදු ප්‍රකාශයක් නොකළ තැනැත්තිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. එම අසීමිත වරප්‍රසාද සම්බන්ධයෙන් මහජනතාව මෙයට වසර ගණනාවක් සිට දැඩි විරෝධයක් පළ කර තිබිණි. ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් බොහෝ කාලයක සිට ජනතාව දැනුවත් කළ අතර, “පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් එම වරප්‍රසාද අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *