ඉන්දියාවට ගංවතුර – 100කට වඩා අතුරුදන්
උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් 4 දෙනෙකු මියගොස් තිබේ.
පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසයි.
ගලවා ගැනීමේ කණ්ඩායම්, ගංවතුරට කොටුවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
කෙටි කාලයක් තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ජලගැලීම් ක්ෂණිකව ඉහළ ගිය බව වාර්තා වේ.
දරාලි ගම්මානය හරහා ගලා ගිය ජලපහරට හසුව ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ගසාගෙන යන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
උත්තරාකාන්ඩ් ප්‍රදේශයේද දේපල සහ නිවාස රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට අනුමාන කෙරේ.
සංචාරකයින් බහුලව පැමිණෙන ප්‍රදේශයක් වන මෙහි හෝටල් සහ නිවාඩු නිකේතන රැසක් ජලයෙන් යටවී තිබේ. ඊයේ සවස හටගත් වර්ෂාවත් සමග කීගර්ගංග පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් මඩ සහිත ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
මේ වන විට ආපදා අංශ එම ප්‍රදේශවලට ලඟාවී ඇති අතර, විපතට පත්වූවන්ට ආධාර බෙදාදීමට දැඩි බාධා එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
@දිනමිණ