මේක පලිගැනීමක් – මහින්ද රාජපක්ෂ
සම්මත සීමාවන් ඉක්මවා අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳිමින් සිටි හිටපු ජනාධිපතිවරුන්ගේ එම වරප්‍රසාද ඉවත් කිරීම පළි ගැනීමක් බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
ඊයේ (05) කොළඹ දී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ “අපට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද” යනුවෙනි. මෙතෙක් කාලයක් අනීතිකව භුක්ති විඳි වරප්‍රසාද ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව දිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට එරෙහිව රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන මේ වනවිටත් එළිපිට ම කරුණු දක්වා ඇත.
මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ විජේරාම මන්දිරයට වඩා මැදමූලන හොඳ බව ය. එහෙත් විජේරාම මන්දිරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කිරීම පළි ගැනීමක් ලෙස හඳුන්වා ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

