Latestදේශීය

රටපුරා වර්ජනයකට සැරසෙන වෛද්‍යවරු

වෛද්‍ය ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට සිය සංගමය තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය මහතා පවසයි.

ඒ් අනුව මෙම ගැටලුවලට ලබන 11 වැනිදා පෙරවරු 8.00 ට පෙර විසඳුම් ලබා නොදුනහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.

“ස්ථානමාරු ලැයිස්තුවල ගැටලු සඳහා නිසි මැදිහත් වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදුවෙන්නේ නැත්නම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විදියට අපි තීරණය කරලා තියෙනවා දිවයින පුරා දීප ව්‍යාප්තව වැඩවර්ජනයකට යන්න මෙම ප්‍රශ්නයට විසඳුම් ඉල්ලලා.

අපි කල්දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ නිලධාරීන් ඇස්කන් පියාගෙන ඉන්නේ.

යම් හෙයකින් ලබන11 වෙනිදා උදේ 8 වෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් නැත්නම් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරන්න අපි ඒක මතිකව තීරණය කළා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *