Latestදේශීය

විනිසුරු 7කගේ වැඩ තහනම්

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය දින කිහිපයක් තුළ විනිසුරුවරු 5 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, මෙයට ටික කාලයකට පෙර තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබිණි.

මහජනතාවගෙන් ලැබී තිබූ පැමිණිලි සහ වෙනත් මූලාශ්‍රවල තොරතුරු මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මූලික විමර්ශන සිදු කර මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.

මොරටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගණ අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ සහ නව මහේස්ත්‍රාත් තනතුරු ලබා පරිවාස කාලයේ සිටි තිදෙනෙකුගේ ද වැඩ තහනම් කර ඇත. ඊට අමතරව, මාරවිල හිටපු මහේස්ත්‍රාත් සහ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කිරීම මෙයට මාස කිහිපයකට පෙර සිදු කරනු ලැබීය.

මෙසේ වැඩ තහනම් කර අය අතරින් විශේෂත්වය වන්නේ නව පත්වීම් හිමි වී පරිවාස කාලය අවසන් වීමටත් පෙර සිදු කරන ලද විවිධ අක්‍රමිකතා සම්බන්ධ මූලික පරීක්ෂණවලින් පසුව තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීම ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *