Latestවිදේශීය

කෙන්යාවේ ගුවන් අනතුරෙන් 6දෙනෙක් මියයයි

කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට මෙම යානය කඩාවැටී තිබේ.

එරට වේලාවෙන් ඊයේ (7) ප.ව. 2:17ට විල්සන් ගුවන්තොටුපොළෙන් පිටත්ව ඇති මධ්‍යම ප්‍රමාණයේ ජෙට් යානයක් වූ මෙය, සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබිය ප.ව. 3ට පමණ කඩාවැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා ඇතුළුව පුද්ගලයින් සිවුදෙනෙක් යානයේ සිට අතර, ඔවුන් සියලු දෙනාට දිවි අහිමි වී තිබේ.

සෙසු මියගිය දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි අය බව සඳහන්.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *