අතන මෙතන අතුරුදන් රතන
පසුගිය දශක කිහිපයක් පුරා නීතිය සමඟ පාපන්දු කෙළියක යෙදී සිටි දේශපාලඥයින් සහ ඔවුන්ගේ සමීපතමයන් නීතියට බයේ අතුරුදහන් වීමේ ප්‍රවණතාවක් දැකීමට ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දේ.
මේ සම්බන්ධයෙන් නවතම සාකච්ඡාව ආරම්භ වී තිබෙන්නේ හිමි නමක් පැහැර ගෙන ගොස් රඳවා තබා ගනිමින් මරණීය තර්ජන එල්ල කිරීමට චෝදනාවට ලක් වී සිටින අතුරුලියේ රතන හිමි සම්බන්ධයෙනි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බෙදා ගැනීම පදනම් කර ගනිමින් එම හිමි නම පැහැර ගනු ලැබීය.
ඒ සම්බන්ධ පරීක්ෂණ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ දී යට ගසා තිබියදී නැවත ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ අනුව රතන හිමි අත්තඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස අභියාචනාධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලුම් කර තිබිණි. එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ වෙනත් දේශපාලඥයින් සහ සමීපතමයින් ක්‍රියා කළ ආකාරයෙන් ම රතන හිමි ද ස්වකැමැත්තෙන් අතුරුදහන් වී සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

