චානක, රේණුකා – ළබැඳියාවන් අතර ගැටුමක
නාමල් රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සැලසුම් සහගතව දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයකට අදාළව ආයෝජන මණ්ඩලයේ නිලධාරිණියක උගුලකට හසු කර ඇතැයි අනාවරණය වෙමින් තිබේ.
එම මන්ත්‍රීවරයා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කළ අතර, එයට අදාළ පිළිතුරු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් විසින් අසත්‍ය තොරතුරු ලබා දී තිබේ. මේ වනවිට හෙළි වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී ඩී. වී. චානක විසින් කළ නිර්දේශයකට අනුව ඇය එම තනතුරට පත් කර ඇති බවයි.
රෝහිත රාජපක්ෂ හෙවත් “Chichi” ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස සුප්‍රීම් සැට් නම් චන්ද්‍රිකා ව්‍යාපෘතියක් දියත් කළ බව ප්‍රචාරය කර තිබිණි. ඒ පිළිබඳ බොහෝ තොරතුරු මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලයේ දී ම හෙළි වූ අතර, එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ජනතාව නොමග යැවීමේ මවා පෑමක් බව එවක දී තහවුරු වී තිබිණි. මේ අනුව, ඩී. වී. චානක, රේණුකා එම්. හේරත් ළබැඳියාවන් අතර ගැටුමකින් ක්‍රියා කර ඇති බව තහවුරු වෙමින් තිබේ.
@Lanka Truth