දකුණු කොරියාවේ ජනගහන අර්බුදය
දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය හේතුවෙන් එරට හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද අවම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (10) නිකුත්කළ නවතම වාර්තාවකට අනුව වසර 6ක් තුළ 20% ක ප්‍රමාණයකින් ඔවුන්ගේ හමුදා භට සංඛ්‍යාව අඩු වී ඇත.
මේ වනවිට ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයකින් සිය හමුදා භටයින් අඩු වී වී ඇති කොරියානු බලධාරීන් තහවුරු කර තිබේ.
ඒ අනුව එරට අවම හමුදා භටයින් ලක්ෂ 5ක ප්‍රමාණය පවත්වා ගැනීමට ජාතික මට්ටමින් තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය බව කොරියානු බලධාරීන්ගේ මතය වී තිබේ.
මෙලෙස භට පිරිස් පහත වැටීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ දකුණු කොරියාවේ දුර්වල උපත් අනුපාතය බව විදෙස් වාර්තා පෙන්වා දේ.
දකුණු කොරියාව යනු ලොව අඩුම උපත් අනුපාතයක් ඇති රට වේ.
ඔවුන්ගේ උපත් අනුපාතය 2018 දී මවකට ළදරුවන් 0.98ක් ලෙසත්, 2020 දී එය 0.84ක් ලෙසත්, 2023 දී 0.72ක් සහ 2024 දී එය 0.75ක් ලෙසත් අඩු වී ඇත.
මෙම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතුනහොත් දකුණු කොරියාවේ වත්මන් ජනගහනය වන මිලියන 50ක් වැනි සංඛ්‍යාව, වසර 60කින් අඩකින් අඩුවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

