Latestදේශීය

රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්තට

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (11දා) උද්ඝෝෂණයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ පිරිස පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමට දැරූ උත්සාහයක් පොලිසිය විසින් මැඬපැවැත්වීමට යෑමේදී එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ගුරු පුරප්පාඩු පිරවීමේදී තමන්ට සාධාරණය ඉටුකරන ලෙස හා තවත් ගැටලු කිහිපයක් මුල්කරගෙන ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (11දා) උදෑසන මෙම පිරිස උද්ඝෝෂණයක නිරත වූහ.

එම උද්ඝෝෂණයෙන් අනතුරුව ඊට සහභාගි වූ පිරිස පාගමනින් ගොස් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානය දෙසට ගමන් කිරීමත් සමග මාර්ගය අවහිර කරමින් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ගමන්මඟ නැවැත්වීමත් සමග පොලිසිය හා උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස අතර නොසන්සුන්තාවක් හටගත්තේය. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන තදබදයක් ද හටගත්තේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *