නදුන් චින්තකගෙන් කප්පන් – ප්‍රභලයින්ගේ ලැයිස්තුවක් කරලියට
නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අල්ලස් ඉල්ලු පිරිස පිළිබඳ ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බව අන්තර්ජාල නාලිකායක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි.
ඉන් නම් කිහිපයක් මේ වන විටත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇති බවත් හෙතෙම කියයි.
මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුල ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවද ඔහු මෙහිදී හෙළිකරයි.
ඉන් ඇතැම් පුද්ගලයින් හරක් කටා මරා නොදැමීම සඳහා අල්ලස් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් ඔහුට විවිධ පහසුකම් සැපයීම සඳහා මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

