Latestදේශීය

37වන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී ය.

අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අතර ඊට එම සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයින් තිදෙනාද ඇතුළුව සියලු දෙනා එක්ව තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ යෝජනාව සලකා බැලීම සිදු විය.

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ නම පොලිස්පතිධුරය සඳහා පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර තිබිණි.

ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ අතර ඝණ පූර්ණය සම්බන්ධයෙන් ඇති තතත්වයක් හේතුවෙන්  එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි විය.

ඒ අනුව 2023 නොවැම්බර් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු මෙම අනුමැතියෙන් පසුව නිල වශයෙන් එම තනතුර භාරගනු ඇත.

ඔහු 1969 පෙබරවාරි 09 වැනිදා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 1988 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබේ.

1992 දී ඔහු උපපොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබුවා. 1992 දී ඔහු උපපොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබුවා. 

අනතුරුව 2007 වසරේ පොලිස් අධිකාරී ධූරයටත්, 2012 වසරේ සිට 2016 දක්වා කාල සීමාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙසත් කටයුතු කළා. 

2016 වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබූ ඔහු 2020 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබුවා. 

අනතුරුව දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග පොලිස්පති ධුරයේ වැඩබැලීමට ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. 

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *