ආන්ඩුවට එරෙහිව විපක්ෂය එකතු කරන ජී එල් පීරිස්
විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුභාවය නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කර ඇත.
පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කෙසේ වුවද ආණ්ඩුවට සෘජුව අභියෝග එල්ල කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා බවත් විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බවත් විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළහ.
@දිවයිින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

