Latestවිදේශීය

පලස්තීනයේ මාධ්‍යවේදීන් 186ක් ඝාතනය කරලා

වසර දෙකක කාලයකදී පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් ඝාතනය කර ඇත.

2023 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මේ පිරිස ඝාතනය කර ඇති බව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා කමිටුව (Committee to Protect Journalists) පෙන්වා දෙයි. එම කමිටුවේ දත්ත ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ජනතාවගේ හඩ නිහඩ කිරීමේ මේ භයානක තත්ත්වයට දැඩි විරෝධය පළකර සිටින බවයි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

‘ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්රධකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්යළවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්යටවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ගොදුරු බවට පත්ව සිටින ජනයාගේ හඬ නිහඬ කිරීමට බැවින් ඒ පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කරන්නෙමු.‘

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *