Latestදේශීය

චන්ද්‍රිකා පක්ෂයි

මහජනතාව මත බර පටවමින් හිටපු ජනාධිපතිවරුන් සහ යැපෙන්නන් අනීතිකව භුක්ති විඳින වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ගෙනවිත් තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කලබල වී සිටින රාජපක්ෂ පවුල ඇතුළු පිරිස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද සම්බන්ධ කර ගනිමින් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

ජනාධිපති හිමිකම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග ද එක් වී ඇත් බවට ප්‍රචාරය කර තිබිණි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන සිව්දෙනා ම එම පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුල සිට ම එම අයුතු වරප්‍රසාද ඉවත් කිරීමට පක්ෂව අදහස් ප්‍රකාශ කර තිබිණි. ඇය ද අධිකරණයේ පිහිට පතන බවට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ඇයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුණේ එම සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක් බව ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *