Latestදේශීය

වායු සමීකරණ තුළ සඟවා කෝටි 4ක කුෂ් දිවයිනට

වායු සමීකරණ උපකරණ තුළ සඟවා තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිය භාරයට ගෙන තිබේ.

පෑලියගොඩ නුගේ පාර වරාය බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේය.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ආනනය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *