Latestදේශීය

මහරගම උණුසුම් කළ ජන අරගල උද්ඝෝෂණය

” අනුර – මෝදි හොර ගිවිසුම් ඉරා දමනු ! IMF මර උගුලට එරෙහිවෙමු ! මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් සහ අත්පත්‍රිකා බෙදා දීමක් අද (15 ) දින මහරගම නගරයේදී පැවැතිවිණි.

එම අවස්ථාවේදී පොලීසිය මැදිහත්වී විරෝධතා බැනර් ඉරා දමා සත්‍යග්‍රහය නවතා දැමීමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ.

” අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය පවත්වන්නේ කාරණා දෙකක් මූලික කරගෙන. එකක් තමයි රටේ ජනතාවට හොරෙන් පසුගිය අප්‍රේල් 5 වෙනිදා අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් කළ ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතුයි. අනිත් කාරණය තමයි රට ණය උගුලක හිර කරන IMF මර උගුලෙන් ඉවත් විය යුතුයි. නමුත් ආණ්ඩුව මැර පොලිස් කණ්ඩායමක් එවලා මේ සාමකාමී උද්ඝෝෂණයට මෙලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. මේක ඉතාම පිළිකුල්සහගත තත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් කියවගෙන බලයට ආව ආණ්ඩුවක් අද විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නේ මැර බලයෙන්.


මේ විරෝධය දක්වන්නේ අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු කියලා. අප්‍රේල් 5 අත්සන් කළ ගිවිසුම් හොර ගිවිසුම් නෙවෙයි නම් ඇයි ආණ්ඩුව මෙහෙම කලබල වෙන්නේ ? ආණ්ඩුවේ මේ ක්‍රියාකාලාපයෙන්ම පැහැදිලියි ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ රට මර උගුලා හිර කරන වැඩපිළිවෙළක කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවට අද බැරි වෙලා තියෙන්නේ තමන්ට විරුද්ධව එන බලවේගවලට දේශපාලනිකව උත්තරයක් දෙන්න. ඒ බැරි වීමත් එක්ක ආණ්ඩුව අර පරණ ආණ්ඩු තෝරපු මැර ක්‍රියාමාර්ගවලින්ම විරුද්ධ බලවේග මර්දනය කරන්න සූදානම් වෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *