නිදහස් දින සැමරුමේදී මෝදිගෙන් ඇමරිකාවට රිදෙන කතාවක්
ඉන්දියාවේ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමට තමන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි අවධාරණය කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අදට යෙදී තිබෙන ඉන්දියාවේ 79 වන නිදහස් දිනය වෙනුවෙන් පැවැති ජාතික උත්සවයේදී ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශයේදීය.
ගොවි අවශ්‍යතාවලට පටහැනි ප්‍රතිපත්තිවලට එරෙහිව පවුරක් මෙන් තමා නැගී සිටින බවද මෝදි එහිදී අවධාරණය කර තිබේ.
රතු බළකොටුවේදී මෝදි කරන ලද එම ප්‍රකාශය, එක්සත් ජනපදය සිය කෘෂිකාර්මික වෙළෙඳපොළ විවෘත කරන ලෙස ඉන්දියාවට බලපෑම් කිරීම සහ 25%ක අතිරේක තීරුබදු පැනවීම මධ්‍යයේ සිදුකරන ලද ප්‍රකාශයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අමෙරිකාව පවසන්නේ එලෙස බදු පැනවූයේ ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන් බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

