Latestදේශීය

රාජිතගේ දේපල තහනම්?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අවධානය යොමු කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට CIABOC විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවලදී ඔහුගේ වාසස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඒ මහතා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අධිකරණය විසින් ඒ මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *