Latestදේශීය

පොලිස්පතිට පැමිණිලි 2000ක්

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

071 859 88 88 යන වට්ස්ඇප් අංකය පසුගිය 13 වැනිදා හදුන්වාදෙනු ලැබුවේ පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකිරීම සදහාය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *