Latestදේශීය

ජී. එල්. කෝ ඩලස් ?

ජී. එල්. පීරිස් හිටපු ඇමතිවරයා සංවිධානය කළ විපක්ෂය එකමුතු කිරීමේ සාකච්ඡාවට ඩලස් අලහප්පෙරුම සහභාගී නොවීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ජී එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම සමීප දේශපාලන අවබෝධයකින් ක්‍රියා කළ දෙදෙනෙකු බව ප්‍රකට ය.

පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගත් අවස්ථාවේ සිට ඉන් පසුව පැවැත්වූ තීරණාත්මක මැතිවරණවල දී ද මේ දෙදෙනා සමාන දේශපාලන ස්ථාවරයන්ගේ සිට ක්‍රියාත්මක විය. ඊයේ (15) ජී. එල්. පීරිස්ගේ නිවසට පැමිණ සිටි හිටපු මන්ත්‍රීවරු ඇතුළු සියළු දෙනා පක්ෂ නායකත්ව වගකීම් නොදරන අය විම විශේෂත්වයක් විය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *