පිල්ලෙයාන්ගේ 06ක් සම්බන්ධයෙන් CID විමර්ශන
නැඟෙනහිර පළාතේ සිදු කළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ එම දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරන පිල්ලෙයාන්ගෙන් සහ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදීය.
මේ දෙදෙනා විසින් අනාවරණය කරන ලද තොරතුරු මත පසුගිය සතියේ මඩකලපුවේදී සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
පිල්ලෙයාන් විසින් 2007 – 2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මඟින් එම කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කළ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයිද පැවසේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

