පාතාල ක්‍රියාවන් මැඩලීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – පොලිස්පති
පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා කියා සිටියි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන් ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවද පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේය.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශීර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇති බවයි.
නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් යම්කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා.
ඒ වගේම අපි මීට වඩා විදිමත් වැඩපිළිවෙළක් ඉදිරියට කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන, මහජනතාවගේ සහාය ලබාගෙන සැලසුමකින් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙමේ, ඒ වගේම පාතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ සහ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා.
ඉතිං මේවාවල මෙහෙයුම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශගතවෙලා. මේවාට අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරමින් පවතිනවා.”
@දිනමිණ