Latestදේශීය

මදනමෝදක සමග තවත් දේ පානයක කළ සිසුවෙකුට අසාධ්‍යයි

මදනමෝදක ගුලි දෙකකට තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතු කර කලවම් කර පානයන් ලෙස පිලියෙළ කර ගනිමින් පාලනය කල තරුණයෙක් අධික ලෙස මත් විමෙන් පසු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑලිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 18 පමණ වයසැති එම තරුණයා සමාජ මාධ්‍යක මදන මෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතුකරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා එම ප්‍රායෝගිකව සිදු කර පානය කිරිමෙන් පසු එම තරුණයා අධික ලෙස මත් විමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව සිදු කිරිම අවධානම් බවත්, එවැනි ක්‍රියා සිදු කිරිමට යෑමෙන් වළකින ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *