ට්‍රම්ප් සමග සාකච්ඡා සාර්ථකයි – සෙලෙන්ස්කි පවසයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ධවල මන්දියේ පැවති සාකච්ඡා සාර්ථක බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි.
මෙම හමුවේදී, යුද්ධය සම්බන්ධයෙන් මෙතෙක් නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට සාර්ථක අවස්ථාවක් ලැබුනු බව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත.
යුක්රේන ජනාධිපතිවරයා සමග ධවල මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡා සඳහා ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණි.
එම හමුවේදී බ්‍රිතාන්‍ය, ප්‍රංශ අග්‍රාමාත්‍යවරුන්, ඉතාලි අග්‍රාමාත්‍යවරිය, පින්ලන්ත ජනාධිපති, ජර්මානු චාන්සලර් යන යුරෝපා නයකයින්, නේටෝ මහ ලේකම් සහ යුරෝපීය කොමිසමේ සභාපතිවරියද සාකච්ඡාවට එක්ව සිටියාය.
මූලික සාකච්ඡාවලින් අනතුරුව යුක්රේන ජනාධිපතිවරයා සමග එකඟතාවකට පැමිණි කරුණු සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම ට්‍රම්ප් ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග විනාඩි 40ක දුරකථන සංවාදයක් පැවැත්වූ බව ධවල මන්දිරය පවසයි.
හමුවෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන්ද සහභාගි වන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.
යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීමට මෙම සාකච්ඡාවේදී හැකි වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
නායක දෙපලගේ හමුවෙන් පසු මාධ්‍යවෙත අදහස් දැක්වූ නේටෝ මහලේකම් මාක් රූට්ස් සඳහන් කළේ, සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රායෝගිකව සාමය ඇති කරන්නෙකු ලෙස හැඳින්විය හැකි බවද ඔහු කියා සිටි.
රටවල් අතර, තෛපාර්ශ්වික රැස්වීමක් සඳහා කටයුතු කරමින් සිටින බවද නේටෝ මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපය තුළ නායකයින් එම අවස්ථාවට කඩිනමින් කටයුතු කරනු ඇති බව මහලේකම්වරයා පෙන්වා දී ඇත.
@දිනමිණ