Latestදේශීය

නාමල්ගේ කුරුමානම

හිටපු ජනාධිපතිවරුන්ගේ අනීතික වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති රාජපක්ෂ පිල වෙනත් පාරවල් සොයමින් සිටින බව අලුත් ම වාර්තාවලින් දැක්වේ.

නාමල් රාජපක්ෂ ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රභූ මාලිගයක් ලබා දීමට භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉදිරිපත් වී සිටින බව ය. එහෙත්, ඒ අතරින් පෙරමුණ ගෙන ඇත්තේ කිනම් භික්ෂූන් වහන්සේලා යන්න හෝ හෙළි නොකිරීමට තරම් ඔහු ප්‍රවේසම් වී සිටී.

ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට විරුද්ධව රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනා ද නීතිමය ක්‍රියාමාර්ග සඳහා එක්වන බව මුල දී ප්‍රකාශ කර තිබිණි. ඔවුන් ඒ සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. එහෙත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම පනත් කෙටුම්පතට විරුද්ධ නොවීමත් සමඟ රාජපක්ෂ ඇතුළු පිරිස ගෙන ගිය සැලසුම් සම්පූර්ණයෙන් අසාර්ථක විය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *