Latestදේශීය

රාජිතගේ ඉල්ලීමට උසාවියෙන් නියෝගයක් නැහැ

තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලීම මත නිකුත් කළ වරෙන්තු නියෝගය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (18දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසම් පත්‍රයක් ගොනු කළේය.

එම මෝසම් පත්‍රය කරුණු තහවුරු කිරීම සඳහා ඊයේ (18දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේදී කැඳවිණි. වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විමර්ශන සිදුකරන අල්සන් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවකදී එකී කරුණු තහවුරු කිරීමට අදාළ කරුණු දක්වන ලෙසට වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දනුම් දුන්නාය. කෙසේ නමුත් එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය කිසිදු නියෝගයක් නිකුත් නොකළේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *