Latestදේශීය

කැසිනෝ ජයග්‍රහයකයින්ගෙන් බදු අයකරන නව වැඩපිළිවෙලක් – වසන්ත සමරසිංහ

කැසිනෝ ආදී සූදු ක්‍රීඩාවලින් ජයගන්නා පුද්ගලයන් එම ජයගන්නා මුදලින් බදු මුදලක් රජයට ගෙවිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ලොතරැයි ජයග්‍රහකයන් එම ජයග්‍රාහී මුදලින් ප්‍රතිශතයක් රජයට බදු ලෙස ගෙවන ආකාරයෙන් සූදු සඳහාද ජයග්‍රහකයන්ගෙන් බදු මුදලක් අය කර ගත යුතු බවත් හෙතෙම පැවසුවේය.

සූදු සදහා නියාමන ක්‍රියාවලියක් මෙතෙක් කාලයක් නොතිබූ බවද පැවසූ ඔහු නව නීති සංශෝධන හරහා එම කටයුත්ත සිදු කරන බවද කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එකමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *