හල්ලොලුව අත්අඩංගුවට
පොලිසිය විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය මඟහරිමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් ඊයේ (18) වරෙන්තු නිකුත් කරන ලදී.
මෙම වරෙන්තු නිකුත් කෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
හල්ලොලුව මහතා හිටපු ක්රියාකාරී අධ්යක්ෂවරයෙකු මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත.
ඔහු සහ නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතා ගමන් කරමින් සිටි ජීප් රථයකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා, එම රථයේ තිබූ ලිපිගොනුවක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන සිදුකරගෙන යනු ලැබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

