Latestදේශීය

හිටපු ආන්ඩුවල වරද නිසයි තෙල් මිල අඩුකරන්න බැරි – කුමාර ජයකොඩි

හිටපු රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය,  කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇති පරිදි, ඉන්ධන මිල අඩු කිරීමක් සිදු කළහොත් අදාළ සමාගම් වෙත වන්දි ගෙවීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගම, ආර් එම් පාක් පුද්ගලික සමාගම සහ සිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම සමග බව අමාත්‍ය ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නෛතික උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *