තුසිත හල්ලොලුව පාතාලයට දුන් කොන්ත්‍රාත්තුව
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ සිටි සමයේ ඔහුගේ උපදේශකයෙකු ලෙස පත් කර ගෙන සිටි තුසිත හල්ලොලුව සංවිධානාත්මක පාතාල කණ්ඩායමක් සමඟ සමීප ව කටයුතු කළ ආකාරය හෙළි වී තිබේ.
ඔහු කිරුලපන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටිය දී මෝටර් රථයට වෙඩි තැබූ බව කියන නාටකය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් ඒ බව අනාවරණය විය.
එහි දී හෙළි වී තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට තුසිත හල්ලොලුව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තැබීමේ රංගනය සිදු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

