Latestදේශීය

රනිල් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට

නිල ආරාධනාවකින් තොරව බි්‍රතාන්‍යයේ සංචාරයක යෙදෙමින් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හෙට (22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමක් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහත දී හිටපු ජනාධිපතිවරයාගේ ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සහ ආරක්ෂක ප්‍රධානීන් කීපදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ එසේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ ආකාරයට හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ කළ සංචාරය නිල ආරාධනාවක් මත සිදු නොවූ එකක් බවයි.

එහෙත් එම සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක මුදලක් වැය කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *